පෞද්ගලික වාහන ආනයනයට පෙබරවාරි 01 වැනි දා සිට අවසර ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි.
ඒ අනුව, කාණ්ඩ තුනකින් වාහන වෙළඳපොළ විවෘත කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.
මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන දෙසැම්බර් 14 වැනිදා සිට ආනනය කිරීමට විවෘත කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, ජනාධිපතිවරයා පවසා සිටියේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහ පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ වාඅහන ආනයනය 2025 වසරේ පෙබරවාරි මස පළමු දින සිට ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර ඇති බවයි.
කෙසේවෙතත්, වාහන ආනයනය ආරම්භ කිරීමත් සමඟ රට තුල ඩොලර් අර්බුදයක් මතුවනු ඇති බවට කිසිදු පාර්ශවයක් විසින් බියක් ඇති කර නොගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කළා.