28.9 C
Colombo
Wednesday, May 14, 2025

Breaking: දුමින්ද සිල්වා ගැන සොයාබැලීමට වෛද්‍ය මණ්ඩලයක්

- Advertisement -

මේ වන විට බන්ධනාගාර ගතව පසුව රෝගී තත්ත්වයක් යැයි පවසමින් බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි.බී. දිසානායක මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව තවදුරටත් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුදැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ වෛද්‍ය මණ්ඩලය විසින් දුමින්ද සිල්වා මහතා පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ වාර්තාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කෙසේවෙතත් දුමින්ද සිල්වාට වෙනම වැසිකිලියක් ලබාදී ඇති බවට වන චෝදනාව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කරනවා.

ඔහු සදහන් කරන්නේ මීට කලකට පෙර අවස්ථා දෙකකදී දුමින්ද සිල්වා සිටින ස්ථානය පරික්ෂා කලත් ජංගම දුරකතන වැනි කිසිදු උපකරණයක් ඔහු සතුව නොතිබූ බවයි.

RECENT ARTICLES - SINHALA

“මාව තංගල්ලේ තියන් ඉන්නේ ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි 30ක් දීපු නැති නිසා”- හරක් කටා

කෝටියක් පමණ වියදම් කොට තමාව තංගල්ලේ බන්ධනාගාරයක රඳවා ඇත්තේ ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන්ට කෝටි 30ක මුදලක් ලබා නොදීම හේතුවෙන් බව නඳුන් චින්තක වික්‍රමරත්න...

චීන පෝර නැව: අත්අඩංගුවට ගැනීම වළක්වන්න මහින්දානන්දගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට...

කළුතර වෙරළට ගොඩගහපු ඩොල්ෆින් මසුන්

කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ, මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින්...

POPULAR ARTICLES

අම්මාවරුන් වෙනුවෙන් ” මදර් ලංකා” තිරයට

පසුගිය මැයි 11වන දිනට යෙදී තිබුණ ලෝක අම්මාවරුන්ගේ දිනයට සමගාමීව අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කල " මදර් ලංකා " චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වුණා. ඒ...