Breaking: ඇමති ජොන්ස්ටන්ගේ නිවස වටලයි..!

මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස වෙත විරෝධතාකරුවන් පිරිසක් ගමන් කරමින් සිටිනවා. එම පිරිසට අතරමගදී තවත් පිරිස එක්වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. අද (06) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියේ ජනාධිපතිවරයා ඉවත් නොවන බවයි. ඊට විරෝධය පලකරමින් ජනතාව මෙසේ ඔහුගේ නිවස වෙත ගමන් කරමින් සිටින බවයි පැවසෙන්නේ.