හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
එම සිද්ධියේ සැකකරුවන් වන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, සරත් කුමාර එදිරිසිංහ හා මිල්රෝයි පෙරේරාට මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මෙම සිදුවීමට අදාළව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (17) දිනයේ ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
පසුගිය 05 වනදා රාත්‍රියේ තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
කෙසේවෙතත්, සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා සොයා පසුගිය සතියේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කැලණිය, කිරිබත්ගොඩ, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ස්ථාන රැසක් පරීක්ෂා කර තිබුණත් ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැහැ.