අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.
අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ගණේමුල්ල සංජීව ඉල්ලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු නීතිඥයෙකු ලෙස සැරසී උසාවි සංකීර්ණයට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.



