28 C
Colombo
Thursday, January 16, 2025

Breaking: වාස්ට පැනවූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

- Advertisement -

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම්දෙනු ලැබුවා.

එම තීරණය දැනුම්දීම සඳහා අදාළ නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා විසින් විත්තිකරුවන්ට දැනුම් දුන්නේ අදාළ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

ඒ අනුව විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙන බවත් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට දැනුම් දුන්නා.

මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක වන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳහන් කර නොමැති බව පෙන්වා දුන්නා.

විත්තිකරුවන් ජනාධිපති සමාවක් වැන්නක් අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට දඬුවම ක්‍රියාත්මක වන දිනය ඉතා වැදගත් යැයි පෙන්වා දුන් එම නීතිඥවරයා ඒ අනුව දඬුවම ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.


RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...