ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා හෙට (7) පෙරවරුවේ නම් කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බවට පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා වෙත ලිපියක් යොමු කරමින් ද (06) දිනයේ නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත තමා අපේක්ෂකයකු ලෙස පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් නොවන බවයි එම ලිපියේ සඳහන් කර ඇත්තේ.