26.7 C
Colombo
Monday, July 21, 2025

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

- Advertisement -

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61ක් දිනා ගත් අතර, විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රීසා සාරුක්ට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 54ක් පමණයි.

ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්ද 07 කින් තේරී පත් වුණා.

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය අද (16) පෙරවරු 9ට ආරම්භ වුණා.

එහිදී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වුණා. 

ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළා. 

කෙසේ නමුත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සඳහා සභාව තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ අනුව, අවසානයේ සියලුම දෙනා ඒකමතිකව රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට එකඟතාවය පල කළා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES