රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය ලේකම් ධුරයෙන් නිල් බණ්ඩාර හපුහින්න මහතා ඉවත් කර තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (20) සිට ඔහුව ජනාධිපති ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයේ වැඩ බලන ලේකම් ලෙස ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන රංජිත් අශෝක මහතා පත් කර ඇතැයි වාර්තා වනවා.
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කරන අපේක්ෂකයින්ගෙන් ඇප මුදල් භාර නොගන්නා ලෙසට නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනවාරි මාසයේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කිරීම හේතුවෙන් ඔහුට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවුණා.