අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔහු මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගනු ලැබුවා.