28 C
Colombo
Saturday, April 19, 2025

Breaking: ටිරාන්ගේ වීසා ක්‍රමවේදයටත් උසාවියෙන් අතුරු තහනමක්

- Advertisement -

විද්‍යුත් වීසා නිකුත් කිරීම සඳහා පැවති ක්‍රමවේදය වෙනස් කරමින්, විදෙස් සමාගම් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රමවේදය ආරම්භ කිරීමට පෙර පැවති ක්‍රමවේදය යටතේ වීසා සේවා ක්‍රියාත්මක කිරීම සිදු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියම කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්,  එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර පෙත්සම් සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ගුවන් තොටුපොළ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මඟින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතු වන බැවින් එම ක්‍රමවේදය බල රහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මෙම තත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණ වළවක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව 32ක් ඇතුළත් පෙත්සම් ඔක්තෝබර් 04 කැඳවීමට නියමිතයි.

ඒ අනුව, විද්‍යුත් වීසා පැවති ක්‍රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...