25 C
Colombo
Saturday, May 24, 2025

මෙරට පියයරු පිළිකා මරණ ඉහළට

- Advertisement -

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, පියයුරු පිළිකා කල්තියා හදුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවයි.

වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.

“ලෝකයේ රටවල්වලත් පියයුරු පිළිකා සංඛ්‍යාත්මකව වැඩිවෙමින් පවතිනවා. නමුත් ලංකාවේ තියෙන විශේෂත්වය තමා ලෝකයේ කලින් හඳුනාගැනීම වැඩියි ලංකාවට සාපේක්ෂව. ඒ නිසා පියයුරු පිළිකා නිසා සිදුවන මරණ, ප්‍රතිශතයක් විදියට අනෙක් රටවල්වලට සාපේක්ෂව, ලංකාවේ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපි කලින් හඳුනාගැනීම වැදගත් කියන එකයි කියන්න ඕනේ වුණේ. ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පියයුරු පිළිකා සහිත කාන්තාවන් 5500ක් පමණ හඳුනාගන්නවා. එයින් 125ක් පමණ පිරිමි පුද්ගලයින් වෙනවා. කාන්තාවක් වීම කියන සාධකයම පියයුරු පිළිකා හැඳීමේ අවදානම වැඩිවෙන්න හේතුවක්.පියයුරුවේ ඇති වෙන යම් ගැටිත්තක්. වළ ගැසීමක්. එහෙමත් නැත්නම් සමේ වර්ණයේ වෙනසක්. සම ඝන වීමක්. තව දුරටත් කිව්වොත් කිහිල්ලේ ඇති වෙන යම් ගැටිත්තක්. තන පුඩුවේ ඇති වෙන වෙනස්කම්. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා අපි පහසුකම් සපයන සායන කිහිපයක් තියෙනවා. එකක් සුව නාරි සායනය, සුව දිවි සායන තියෙනවා රෝහල්වල. ඊළඟට රෝහල්වල තියෙනවා පියයුරු සායන. මේ හැරුණු කොට ශල්‍ය සායනයකින් පියයුරු පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES