28 C
Colombo
Wednesday, April 24, 2024

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීට අල්ලස් නඩුවක්

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (09) කොළඹ මහාධිකරණය හමුවේ යළිත් වරක් නඩු පවරනු ලැබුවා.

මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ගල්කොරියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍ර නිකුත්කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 06ක් අල්ලස් වශයෙන් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් 2015 වසරේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා.

එහෙත් අදාළ නඩුව පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේ ම අනුමැතිය ලබාදී නොමැති බවට මූලික විරෝධතාවක් මතුවීමෙන් පසුව එම කොමිසම විසින් ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා මීට පෙර ඉල්ලා අස්කර ගත්තා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේම අනුමැතිය සහිතව එම කොමිසම විසින් අද (09) විත්තිකාර මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ යළි අධිචෝදනා පත්‍ර ගොනු කළා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...