32 C
Colombo
Friday, March 29, 2024

පාලම් පාරුව පැදවූ අය අත්අඩංගුවට

- Advertisement -

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කැඩුණු පාලමක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් ඊයේ (23) කින්නියා කළපුවට බිලි විය.

අනතුරෙන් පාසල් දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

උදෑසන 7.00ට පමණ අනතුර සිදුව තිබූ අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පාසල් දරුවන් ඇතුළු 25 ත් 30 ත් අතර පිරිසක් ගමන් කරමින් සිට තිබිණ.

සිද්ධිය දුටුවන් වහා ක්‍රියාත්මක වී වතුරට පැන දරුවන් 7 දෙනෙකු බේරගෙන කින්නියා රෝහලට ඇතුළත් කර තිබිණ.

මියගිය හය දෙනාගෙන් සිව් දෙනෙකු ම පාසල් දරුවන් ය.

1977 හදපු කින්නියා කුරිඤ්ඤන්කර්නි කළපුවෙ පාලම කැඩී ගොස් තිබුණේ, මීට අවුරුදු 6 කට පෙරදී ය.

මේ අතර, කින්නියා පාරු අනතුරේ වගකීම රජය සතු නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා.

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නියා නගර සභාව මගින් බවයි ඔහු පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...