යල්පැනගිය සටන් පාඨ යළි කරළියට ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අනුරාධපුරයේ අද (14) පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහු සඳහන් කළේ,සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුර යළි යළිත් ජාතිවාදී ආගම්වාදී තැටිය රත් කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් අනුර කුමාර දිසානායක මහතා,
“මම සජිත් ප්‍රේමදාසට කියන්නේ පරණ බඩු නැතුව අලුත් බඩු ටිකක් ගේන්න මතක තියාගන්න. සජිත් ප්‍රේමදාස කඳවුර පරණ ජාතිවාදී, ආගම්වාදී තැටිය නැවත නැවත රත් කරනවා. හැබැයි ජනතාව රත්වෙන්නේ නැහැ. ජනතාව ආපහු ඒවාට අහුවෙන්නෙ නැහැ. සජිත් නම් මරු මෑන්… මිනිහා ළඟ දෙකේම බඩු ඉන්නවා. චම්පිකත් ඉන්නවා බදියුදීනුත් ඉන්නවා, තිලංගයි අර්ජුනයිත් ඉන්නවා දෙබිඩ්ඩෝ.. ඕකට කියන්නේ කොළේ වහලා ගහනවා කියලා. ජාතික ජන බලවේගය තමයි එකම කතාව කියන ව්‍යාපාරය. අපි කියන ඔක්කොම සජිත් කොපි කරනවා. අපි කියන දේවල් කියනවා. හැබැයි ඇහිලා තියෙනවා ද? හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපති බිරින්දෑවරු බලාගන්න එක නතර කරනවා. කියනවා. ඒ දේවලවලට නෝ කතා.”