28 C
Colombo
Friday, July 19, 2024

අහුන්ගල්ලේදී සැකකරුවෙකු මරා දැමූ STF අයි.පී වහා උසාවි ගේන්න

- Advertisement -

අහුන්ගල්ල රියෝ හෝටලය අසලදී 2022.10.12 වැනිදා පුද්ගලයකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවෙකු දණගස්වා නළලට වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයකු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර වහාම ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ, බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී. ජානක මහතා විසින්.

සැකපිට අත්අඩංගුවට ගත් කටුවන ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැත්තා සඟවා තිබූ ගිනි අවි ඇතුළු අවි ආයුධ පෙන්වාදීම සඳහා අහුන්ගල්ල බණ්ඩාරවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණා.

එම අවස්ථාවේදී සැකකරු විසින් සඟවා තිබූ ගිනි අවියක් ගෙන වෙඩි තැබීමට උත්සාහ කිරීම හේතුවෙන් ආත්මාරක්‍ෂාව සඳහා ඔහුට වෙඩි තැබූ බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් එම සැකකරුගේ ශරීරයේ තිබූ වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලබාදුන් සාක්‍ෂි, වෛද්‍ය වාර්තා මෙන්ම ඉදිරිපත් වූ සෙසු සාක්‍ෂි අනුව එය ආත්ම ආරක්‍ෂාව සඳහා සිදුකළ වෙඩි තැබීමක් නොව හිතාමතාම සිදුකළ වෙඩි තැබීමකින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කළ මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුව අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා සම්බන්ධයෙන් අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවා.

2022.10.12 වැනිදා එම සැකකරු අත්අඩංගුවට ගත්තද අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැබෑ සැකකරු පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන තිබූ බවත්, විමර්ශන වෙනත් මගකට යොමු කිරීමේ අරමුණින් එම මරණකරු සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදී ඇති බවත් මාධ්‍ය මගින් අනාවරණය කර තිබූ බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙන්වාදී තිබුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව අධිකරණ හමුවේ වෙනත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් නඩු කටයුතු කිහිපයක් තිබූ බවද ඒ. ආර්. 2049/2022 යන නඩු අංකය යටතේ පැවති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුවට ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය ඊයේ (18) පැවැත්වුණා. ඒ, සංචාරක,...

ගැබිනි මව්වරු සහ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව...

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (19) උදෑසන උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...