29 C
Colombo
Saturday, January 18, 2025

ආශුගේ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම වලකා වාරණයක්

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාගෙන් කප්පම් ඉල්ලීමකට අදාල අපහාසාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ(මුහුණු පොත) ප්‍රචාරය කිරීම වලක්වාලමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශ නිලධාරියකු ඇතුළු සිව් දෙනෙකුට කොන්දෙසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(06) නිකුත් කළා.

ආංශු මාරසිංහ මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව ලබන 20 වෙන දින දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කරනු ලැබුවා.

විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ ජයන් චානක පතිරණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනය පාලක අංශයේ චන්ද්‍රගුප්ත මහානාම, පෞද්ගලික ආපන ශාලාවක ආයතනයක හිමිකරුවකු වන නවීන් කනිෂ්ක ප්‍රනාන්දු, ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක කළමනාකරුවකු වන දුලාජ් වීජේකොන් සහ යන වගඋත්තරකරුවන්ට ලබන 20 වෙන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ. චමින්ද අතුකෝරල මහතා පෙනී සිටිඅතර නඩුවට පදනම් වූ වීඩියෝ පටයක තිර උපුටනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් දේවේශසහගත ලෙස හා වෛරී සහගත ලෙස අන්තර්ජාලය ,මුහුණු පොත සහ වට්සැප් යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදාළ ප්‍රකාශ බෙදා හැර ඇති බවයි.

අදාළ වීඩියෝ පටයට එරෙහිව පැමිණිලිකරු විසින් රහස් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව වනිතා ආදර්ශනී නමැති සැකකාරියට එරෙහිව රහස් පොලිසිය මගින් නඩු පවරා ඇති බවත්,එම වීඩියෝ පටිය පසුගිය දෙසැම්බර් 14 වැනි දිනයේ සිට අන්තර්ජාලය ඔස්සේ නැවත ප්‍රචාරය කරමින් සැකකරුවන් විසින් පැමිණිලිකරුගේ කීර්තියට හානි කරමින් සිටින බවත් සඳහන් කළා.

නීතිඥ කේ.පී.සී එල් කාරියවසම් මහතා මගින් පවරා තිබූ එම පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වග උත්තරකරුවන්ට වාරණ ආඥාවක් හා නොතීසි නිකුත් කරමින් ලබන විසිවෙනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES