24 C
Colombo
Monday, December 11, 2023

මෙවර අයවැය අධ්‍යාපන සදහා වෙන්කිරීම් බිලියන 41 ක් අඩු කරලා- ලංකා ගුරු සංගමය

- Advertisement -

2019 වර්ෂයේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කළ මුදලට සාපේක්ෂව ගත් කළ රුපියල් බිලියන 41 කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් කප්පාදු කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලීන් මහතා පැවසීය.

2019 වසරේ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියනි 167 ක් ‍ක් වෙන් කර තිබූ නමුත් මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 126 පමණ බවත් මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ශේත්‍රයේ දියුණුව වෙනුවෙන් කිසිදු සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර නැති බවත් ඒ මහතා පැවසීය.

ග‍්‍රාමීය පාසල්වලට දුරස්ථ අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී යන්ත‍්‍ර මිල දී  ගැනීම සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන්කර ඇති අතර විශ්ව විද්‍යාල 4 ක් ආරම්භ කිරීම වෙනුවෙන් රුලියල් මිලියන 1000 ක් වෙන් කර ඇති බවත් , ගුරු සංවර්ධනය හා කෝවිඞ් වසංගත තත්වය තුළ අධ්‍යාපන පද්ධතියේ කඩාවැටීම යළි ගොඩනැගීමට අදාළව නව යෝජනා කිසිවක් මෙම අයවැය තුළ අන්තර්ගත වී නැති බවත් ස්ටාලීන් මහතා පැවසීය.

අධ්‍යාපනයට මෙසේ අඩු  මුදලක් වෙන් කරද්දී ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 355 ක් වෙන් කොට ඇති අතර, පොලීසියට වෙන් කළ මුදල ද ඇතුළත් කළ විට එය බිලියන 440 ක් වන බවත් එම මුදල් ප්‍රමාණය පෙර වසරට සාපෙක්ෂව 12% ක වැඩිවීමක් බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් රනුග්ගේ වැටුප් කොමිසමෙන් රාජ්‍ය සේවකයින්ට 2020.01.01 දින සිට ගෙවීමට අනුමත කර තිබූ වැටුප් වැඩි කිරීම අයවැයෙන් ලබාදෙන බවට වූ පොරොන්දුව පිළිබඳ හෝ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකර රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවකට යාමට අවසර ලබාදීම කනගාටුදායක තත්වයක් බවත් පැය 8 ක සේවයෙන් පසු නැවත සේවයේ යෙදී මුදල් උපයන ලෙස ප‍්‍රකාශ කිරීම රාජ්‍ය සේවය බරපතල ලෙස හෑල්ලූවට ලක් කිරීමක් බවත් ස්ටාලීන් මහතා වැඩිදුරටත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...