31.7 C
Colombo
Friday, June 20, 2025

පළවෙනි වතාවට මුදල් ඇමති නැති අයවැය විවාදයක්..! – රනිල්

- Advertisement -

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් ඇමතිවරයාගේ සහභාගිත්වයකින් තොරව විවාදයක් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

අයවැය වැය ශීර්ෂ විවාදයට ගැණෙන කාල සීමාවේදී අයවැය ඉදිරිපත්කළ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අයවැය විවාදයට නොසිට ඔහු ඉන්දියාවට ගියේ කුමන කාරණයක් මතද යන්න පිළිබඳවද එහිදී වික්‍රමසිංහ මහතා සමෘද්ධි, ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් විමසා සිටියා.

අයවැය විවාදය පැවැත්වෙන විට පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ රාජ්‍ය ඇමතිවරයා නොව අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ සංචිත ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් නොකරන්නේ ඇයිද යන්න පිළිබඳවත් වික්‍රමසිංහ මහතා විමසීමක් කරන ලදී.

”ගිය සතියේ නෙවෙයි ඊට ඉස්සෙල්ල සතියේ අපට පොරොන්දු වුණා ලංකාවේ තිබෙන විදේශ විනිමය සංචිතය භාර දෙන්න කියල. අද වෙනකම් භාර දීලා නැහැ. සභාවට දෙනවා කියල එදාම කිව්වා. මම කිව්වා නෑ සඳුදා දෙන්න කියල. සඳුදත් නෑ,අඟහරුවදත් නෑ,බදාදත් නෑ. මේ කරුණු ටික ගිහින් කියල තියෙනවා ඉන්දියාවට. ඒත් අපිට කියන්න බැහැ. ඇයි මේ සභාවට දෙන්නේ නැත්තේ. හිටපු මහ බැංකු අධිපතිතුමා ඔන් ලයින් සාකච්ජාවකදී කිව්වා තියෙන්නේ බිලියන එකහමාරයි කියල. ඒ තත්ත්වය අපට ඇත්ත වශයෙන් කියන්න. ඒක අපි දැනගන්න කැමතියි.”

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අයවැය විවාදය අවසානයේදී මුදල් ඇමතිතුමා විසින් සමස්ත ආර්ථිකය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සහ ඒ අවශ්‍ය සංශෝධනලබා දීම සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

POPULAR ARTICLES

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...