ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා.
ඔහු පවසන්නේ, එම බංගලා තක්සේරු කිරීම අවසන් අදියරට පැමිණ ඇති බවයි.
මෙම බංගලා සම්බන්ධයෙන් යෝජනා රැසක් දැනටමත් ඉදිරිපත්ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම යෝජනා අතරින් වඩාත්ම හොඳ යෝජනාවට ප්‍රමුඛත්වය ලබාදීමට බලාපොරොත්තු වන බවද පැවසුවා.
ඇමති බංගලා ආර්ථික වශයෙන් ඵලදායි කටයුත්තකට යොදා ගැනීම රජයේ අරමුණ බවද අබේරත්න මහතා පවසනවා.
ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබා දෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ එම ඉල්ලීම සම්බන්ධයෙන්ද කරුණු සලකා බලමින් පවතින බවයි.
ඇමැතිවරුන් වෙනුවෙන් වෙන් වුණු බංගලා 35ක් කොළඔ පවතින අතර වර්තමාන රජයේ ඇමතිවරුන්ට ඇමැති බංගලා ලබා නොදීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා.