බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.
අද (29) උදෑසන එම අනතුර සිදුව ඇති බවට වාර්තා වනවා.