හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ ජයබිම ප්‍රදේශයේදී බස් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, පහළ ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවක්.
පොලීසිය සඳහන් කළේ ඊයේ (22) සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු හලාවත රෝහලට ඇතුළත් කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.