30.3 C
Colombo
Thursday, April 25, 2024

බස් ගාස්තු අඩුකරන්නෙ නැහැ, ආහාර මිල අඩුකරන්නෙත් නැහැ – වෘත්තීය සංගම්

- Advertisement -

ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සභාපති, අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරන්නේ ඩීසල් මිල අඩු නොවු පසුබිමක කිසිදු ආකාරයක බස් ගාස්තු අඩුවීමක් සිදු නොකරන බවයි.

මේ අතර පෙට්‍රල් මිල පහළ දැමූවත්, ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු අඩුවීමක් නොවන බව ත්‍රිරෝද රථ වෘත්තිය සමිතිද පවසනවා.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ, රජය මගී ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලබා නොදෙන බවයි.

මේ අතර පෙට්‍රල් මිල අඩු වූවත් ආපන ශාලාවල ආහාර මිල ගණන්වල අඩුවක් නොවන බව, ආපන ශාලා හිමියන්ගේ සංගමයද පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ අනෙකුත් සේවා මිල ගණන් අඩු වන්නේ නම් පමණක් කිරි තේ ඇතුළු ආහාර පාන මිල ගණන් අඩු කළ හැකි බවයි.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටෙන් 92 පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 40 කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 30 කින් පහත දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා.


RECENT ARTICLES - SINHALA

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

දකුණේ දේශපාලකයෙක් කොරියාවට යවනවා කියලා කෝටි 3 ක් අරන්

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු විසින් තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා. ඒ සඳහා කොළඹ...

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...