27.8 C
Colombo
Wednesday, June 25, 2025

අනවශ්‍ය උපාංග ඉවත් කරන්න බස්වලට මාස 3ක්‍ දීලා

- Advertisement -

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර ඊයේ (08) පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණයකට පැමිණි බව ඔහු පවසනවා.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ රටක මාර්ග විනය යනු රටක තත්ත්වය පිළිබඳ මිනුම් දණ්ඩයක් බවයි.

ඒ අනුව දේශපාලන අතගැසීම්වලින් තොරව මේ වනවිට මාර්ග විනය සකස්කිරීමේ ක්‍රියාවලිය සඳහා පවත්නා නීති උපයෝගී කරගෙන මෙහෙයුම් සිදුකරන බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙම මෙහෙයුම් හේතුවෙන් දිනකට මාරක රිය අනතුරු වාර්තාවීම් 4ක් හෝ 5ක් දක්වා අඩුව ඇති බවත්, අනෙකුත් රිය අනතුරු ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පවසා තිබුණා.

මෙම සාකච්ඡාවේදී බස් සංගම් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ වාහනවල අලංකරණය සඳහා සවිකර ඇති කොටස් ඉවත්කිරීම හෝ එය නීත්‍යානුකූල තත්ත්වයට පත්කරගැනීම සඳහා ලබාදී ඇති සති දෙකක කාලය ප්‍රමාණවත් නොවන බවයි.

ඒ හේතුවෙන් මාස තුනක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සවිකිරීම් මගින් රිය අනතුරට තුඩුදෙන හෝ අනතුරකදී රිය අනතුරේ ස්වභාවය වැඩිකරන ආකාරයේ සවිකිරීමේ වේ නම් ඒවා ඉවත්කිරීමට පොලීසිය කටයුතු කරන බව ඊට ප්‍රතිචාර ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබුණා.

කෙසේ නමුත් එසේ නොමැති සවිකිරීම් වේ නම් ඒවා නිත්‍යානුකූල ලෙස වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කිරීම හෝ ඒවා ඉවත්කර නීතියට අනුගත වීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමට හැකි බවයි.

මේ අතර මෙම සාකච්ඡාවේදී බස් සංගම් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසියේ නිලධාරීන් බස්රථ තුළට නංවා බස්රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීම හැකිතාක් සීමාකරන ලෙසයි.

මෙම ක්‍රියාවලිය මහජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට තවදුරටත් සිදුකරන බව එහිදී වැඩබලන පොලිස්පතිවරයා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

හොරකමකට අදාල වාර්තාවක් අතුරුදහන් වෙලා

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව...

POPULAR ARTICLES

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

අලාභ වූ දේපොළවලට ජපුර සිසුන්ගෙන් වැඩිපුර සල්ලි අරන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම...