28.9 C
Colombo
Thursday, March 27, 2025

ටෙස්ලා අලෙවියට අභියෝග කළ BYD

- Advertisement -

ලෝකයේ විද්‍යුත් වාහන අතර ප්‍රමුඛයා වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ මෝටර් රථවල ගෝලීය අලෙවිය ගතවූ 2024 වසරේදී ප්‍රථම වරට පහත වැටෙද්දී, චීන වෙළෙඳපොළ තුළ ටෙස්ලා වාහන අලෙවිය 2024 වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2024 වසරේදී ටෙස්ලා විද්‍යුත් වාහන 6,57,000ක් චීනයේ අලෙවි වී තිබෙන්නේ 8.8%ක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කරමින්.

අමෙරිකාව හැරුණුකොට ටෙස්ලා විද්‍යුත් වාහන වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ චීනයෙන්.

ටෙස්ලා දැවැන්ත නිෂ්පාදනාගාරයක් ද චීනයේ ෂැංහයි නුවර පිහිටා තිබෙනවා.

2024 වසරේ ටෙස්ලා ලොව පුරා අලෙවිකළ වාහනවලින් 36.7%ක් අලෙවි කර තිබෙන්නේ චීන පාරිභෝගිකයන්ටයි.  

එහෙත් චීන BYD සමාගම ඇතුළු EV නිෂ්පාදකයන්ගෙන් එල්ල වන තරගකාරී අභියෝගය, මෙන්ම යුරෝපයේ සහ අමෙරිකාවේ අලෙවිය අඩුවීම නිසා 2024 වසරේ ටෙස්ලා ගෝලීය වාහන අලෙවිය 2023ට සාපේක්ෂව 1.1%කින් පහත වැටී තිබෙනවා.

කෙසේ නමුත් නැවතත් EV වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස ටෙස්ලා වාහන මිලියන 1.79ක් 2024 වසරේදී ලොව පුරා අලෙවි කර තිබෙනවා.

ගෝලීය EV අලෙවිය අතින් දෙවැනි තැන ගන්නා BYD වාහන මිලියන 1.76ක් 2024 වසරේදී අලෙවි වුණා.

මේ අතර පරිසර හිතකාමී විද්‍යුත් වාහනවලට යොමුවෙමින් සිටි යුරෝපයේ උතුරු කෙළවර පිහිටි නෝර්වේ රාජ්‍යයේ පසුගිය 2024 වසරේදී අලෙවි වූ මෝටර් රථ සියල්ලම පාහේ විද්‍යුත් වාහන බව අනාවරණය වනවා.

2023 වසරේ නෝර්වේ හි අලෙවි වූ සියලුම මෝටර් රථවලින් 82.4%ක් සම්පූර්ණයෙන්ම විද්‍යුත් මෝටර් රථ වුවත් 2024 වසරේදී සිය 88.9% දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.  

එහිදී වැඩි වශයෙන්ම අලෙවි වී ඇත්තේ ටෙස්ලා විද්‍යුත් වාහ‍න වන අතර වොක්ස්වාගන්, ටොයෝටා වාහන නෝර්වේහි ඊළඟට වැඩියෙන්ම අලෙවි වූ විද්‍යුත් වාහන වනවා.

එසේම නෝර්වේ නව විද්‍යුත් වාහන අලෙවියේ 10%ක් චීන විද්‍යුත් වාහන බව අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES