31 C
Colombo
Friday, January 17, 2025

පුංචි ඡන්දෙට අලුත් නම් ගන්න කැබිනට් අනුමැතිය

- Advertisement -

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (23) හිමිව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව මත පදනම්ව නව පනත් කෙටුම්පත සකස් කළ බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසුවා.

එම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූ බව අමාත්‍යාංශය පවසනවා.

පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවා.

එම කටයුතු අවසන් වීමෙන් පසු වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටියා.

පළාත් පාලන මැතිවරණය සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES