28.4 C
Colombo
Friday, April 26, 2024

කිරිපිටි බදු ඉවත් කිරීමේ බැසිල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

- Advertisement -

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී එම තීරණය ගත් බවය.

කිරිපිටි මිල ඉහළ නැංවීමට ආනයනික සමාගම් අඛන්ඩව ඉල්ලීම් සිදුකළද, ඊට අවසර හිමි නොවූ අතර එබැවින් සිය ආනයන කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේ. එමෙන්ම, ආනයනකරුවන් සිය ආනයන කටයුතු සීමා කිරීම නිසා වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ද නිර්මාණය විය.

මතුව ඇති කිරිපිටි හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව ඇති අතර මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කිරිපිටි හිඟයට විසඳුම් දෙකක් ඉදිරිපත් කර ඇත.

කිරිපිටි මිල වැඩි කිරිම හෝ පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට හානියක්නොවන පරිදි දැනට අය කරන බදු කිහිපයක් අඩු කර කිරිපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යෑම යන විසඳුම් දෙක එහිදී ඔහු විසින් ඉදිරිපත් කර තිබේ. මෙහිදී අමාත්‍ය මණ්ඩලය විසින් අඩුකළ හැකි බදු අඩුකර කිරිපිටි මිල ස්ථාවර පවත්වාගෙන යෑමේ යෝජනාව අනුමත කර තිබේ.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...