29.7 C
Colombo
Wednesday, April 24, 2024

කිරිපිටි, ගෑස්, තිරිගු පිටි, සිමෙන්ති මිල වැඩිකිරීම ගැන තීරණය කරන කැබිනට් රැස්වීම අද

- Advertisement -

කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

කිරිපිටි කිලෝව රුපියල් 200 කින් ද, කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් ද, තිරිඟු පිටි කිලෝව රුපියල් දහයකින් සහ සිමෙන්ති කොට්ටයක මිල රු50 කින් ද වැඩි කිරීමට මේ වනවිටත් පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවනවා.

පාරිභෝගික අධිකාරිය විසින් සකස් කරන ලද එම මිල ගණන් ඇතුළත් යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24) පැවැති ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡාවට බදුන් වී ඇති අතර, එහි වාර්තාව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සාකච්ඡාවල ලක්කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ජීවන වියදම් කමිටුවේ වාර්තාව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

ඩොලර් හිඟය සහ ලෝක වෙළද පොළේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කරන ලෙස ආනයනකරුවන් පාරිභෝගික අධිකාරියෙන් අවස්ථා ගණනවකදි ඉල්ලීම් කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය සමයේ අදාළ මිල ගණන් ඉහළ නොදැමීම තුළ මේ වනවිට වෙළෙදපොළේ දැඩි
කිරිපිටි සහ සිමෙන්ති හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...