27 C
Colombo
Saturday, June 10, 2023

වසංගතය අස්සේ කැබිනට් සංශෝධනයක්. සෞඛ්‍ය පවිත්‍රාගෙන් ගලවයි

- Advertisement -

ඉදිරි සතිය තුළදී කැබිනට් සංශෝධනයක් සිදුකරමින් ප්‍රධාන අමාත්‍ය ධූර කිහිපයක වෙනස්කම් සිදුවීමට නියමිත බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉවත්කර එය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට ලබාදීමට නියමිත බවත් පවිත්‍රා අමාත්‍යතුමියට බලශක්ති අමාත්‍යාංශය ලබාදීමට නියමිත බවත් පැවසෙනවා.

එමෙන්ම අධ්‍යාපනය, ජනමාධ්‍ය, විදේශ කටයුතු, වැවිලි කර්මාන්ත යන විෂයන්හීද අමාත්‍ය ධූර සංශෝධනයක් සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවට ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පත්කිරීමට නියමිත අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශය භාරගැනීමට සිය අකමැත්ත පලකර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

තවත් ආන්දෝලනාත්මක අමාත්‍යාංශයක් වන අධ්‍යාපන අමාත්‍යාංශය මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතාගෙන් ඉවත්කොට එය ප්‍රසන්න රණතුංග මහතාට ලබාදී ජී.ඇල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මෙම සංශෝධනයන් පිළිබදව මේ වන විටත් සාකච්ඡා මට්ටමේ පවතින අතර ඒ සඳහා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.