31 C
Colombo
Friday, April 19, 2024

ඉන්දීය නාට්‍ය සහ සංගීතය පෙන්වූ වරදට පකිස්තානුවකු අත්අඩංගුවට

- Advertisement -

ඉන්දීය කේබල් රූපවාහිනී නාලිකා පකිස්තානය තුළ විකාශය කිරීමේ චෝදනාවට එරට ෂායිවාල් ප්‍රදේශයේදී පුද්ගලයකුගේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය සිනමා සහ සංගීත කේබල් රූපවාහිනී නාලිකා විකාශය කිරීම පකිස්තානය තුළ තහනම් කර ඇති අතර ඊට ප්‍රධාන හේතුව දැඩි ඉස්ලාම් ආගමික බලපෑමයි.

කෙසේවෙතත් අදාළ තහනම නොතකා දිගින් දිගටම ඉන්දීය සිනමා සහ සංගීත වැඩසටහන් ඇතුළත් කේබල් නාලිකා රහසිගතව පකිස්තානය තුළ විකාශය කෙරේ.

ඒ සදහා දැඩි ඉල්ලුමක් පවතින බවත්,මේ තත්වය තුළ පකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය මෙවැනි තහනම් විකාශයන් පාලනයට වැටලීම් කරන බවත් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ පිලිබද සොයාබැලීමට ඇතැම් ආගමික කණ්ඩායම් තම සාමාජිකයන් ස්වෙච්ඡාවෙන්ම යොදවා ඇති බවයි.

එවැනි පිරිසකගෙන් ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...