24 C
Colombo
Monday, December 11, 2023

කබ්රාල්ට රට පැනීම අහිමියි – අධිකරණය නැවත වැට බඳියි

- Advertisement -

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශගතවීමට ඇති ඉඩ වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකළේ, යැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කරන ලදි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ජුනි මස 7 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා විසින් සිතාසි ද නිකුත් කරනු ලැබීය.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් අමෙරිකානු ජාතික සුබේරි නැමැති පුද්ගලයෙකුට ගෙවීම තුළින් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ සාපරාධි පරිහරණයක් සිදුකර ඇති බවට පැමිණිලිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කර තිබුණි.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝග නිකුත් කරන ලදි.


RECENT ARTICLES - SINHALA

තැපෑල වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ (10) පස්වරු 04 ට මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය...

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...