26.4 C
Colombo
Thursday, March 28, 2024

මහබැංකු අධිපති ධූරය වෙනුවෙන් කබ්රාල් මන්ත්‍රී ධූරය අත්හැරීමේ සූදානමක

- Advertisement -

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අත්හැරිමට සූදානම් වන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා.

වෙබ් අඩවිය සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා වර්තමාන මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා පත්වීමට නියමිත බැවින් ඔහුගෙන් හිස්වන මහ බැංකු අධිපති ධූරයේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිවුරුම්දීමට නියමිත බවයි.

මේ සම්බන්ධයෙන් ඩේලිමිරර් වෙබ් අඩවිය කබ්රාල් මහතාගෙන් විමසීමේදී අදාළ කරුණ ඔහු තහවුරු කර හෝ ප්‍රතික්ෂේප නොකර සිටීම විශේෂත්වයක්.

රටේ මේ වන විට දැඩි විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවක කබ්රාල් මහතා එම ධූරයට පත්වීම ඔහුට ලැබෙන අභියෝගයක්ද වනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර 2006.07.01 සිට 2015.01.08 දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් මහ බැංකු අධිපති ධූරය හොබවනු ලැබූවා.

සිය පත්වීමේ ලිපිය අනුව විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති බව එහි දක්වා තිබූ බැවින් තමාට හිමි විශ්‍රාම වැටුප ඉල්ලා සිටි බවට ඔහු පෙරේදා දින ට්විටර් පණිවිඩයක් තබා තිබුණා

1998 වසරේ සිට මහබැංකු අධිතිවරුන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකීවේ එය යෝජනා කළ යුතු හ බැංකු ආයතනික කළමනාකරණ කමිටුවේ ප්‍රධානීත්වයත්, එය අනුමත කළ යුතු මුදල් මණ්ඩලයේ සභාපතීත්වයත් යන තනතුරු දෙකම මහබැංකු අධිපතිවරයා විසින් දැරීම හේතුවෙන් එසේ සිදුකරන අනුමත කිරීමක් ආචාරධර්ම ඉක්මවා යාම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය සමයේත් කබ්රාල් මහතා මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර එවකට සිටි මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලද අතර නව පාලනතන්ත්‍රය යටතේ ඔහු සිය උත්සාහයන් නැවත අරඹා ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.

එමෙන්ම, ඊයේ දිනයේ පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පෙන්වා දුන් ආකාරයට මහබැංකු අධිපතිවරයෙකුගේ යෝජිත විශ්‍රාම වැටුම මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප ඉක්මවවා ගොස් ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප මෙන්ද 15ගුණයක තරම් ඉහළ වැටුපක් වනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...