රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝපා) රැස්වීමකදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු තමාට ‘බදුල්ලේ බඩා’ යනුවෙන් පවසා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ද නියෝජනය කරන එවැනි සභාවක එසේ පැවසීමෙන් සිය මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වූ බවයි මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පවසා සිටියේ,
”පසුගිය 06 වැනිදා පැවැති කෝපා රැස්වීමක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධ සාකච්ඡාවකදී මැණික් මල්ලක් පිළිබඳව කරුණක් මතු වෙලා. එහිදී ‘බදුල්ලේ සිටින බඩා හීනෙන්වත් කිව්වේ නැද්ද? යනුවෙන් ආණ්ඩු පක්ෂයේ සාමාජිකයකු අසා තිබෙනවා. එය අශෝභනයි. ශිෂ්ට සම්පන්න සභාවකදී එසේ ඇසීම සුදුසු නෑ. ඇඟ, කඳ, බඩ ඇති අයකු බදුල්ලේ ජනතාව පාර්ලිමේන්තුවට එවීම ගැන මා සතුටු වෙන බව ආඩම්බරයෙන් කියනවා.
බදුල්ලෙන් ආපු වෙන බඩාලා නෑනේ. බදුල්ලෙන් ආපු සමන්ත විද්‍යාරත්නට බඩ නැහැ. අනෙක් මන්ත්‍රීවරුන්ටත් බඩ නැහැ. අනෙක මමනේ හිටපු ඇමැති. විගණකාධිපතිත් ළඟ තබාගෙන මෙහෙම කතා කරපු එක හරි නෑනේ. එහෙම වැදගත් තැනක හැසිරෙන්නේ කොහොමද කියලා මන්ත්‍රීවරුන්ට උගන්වන්න. මගේ බඩ මම කපලා අයින් කරන්නද? ඒක අඩු කරන්න මම මහන්සි වෙනවා. ඒක අඩු වෙන්නේ නෑ. උදේ ඉඳන් ඇවිදිනවා අඩුවෙන්නේ නෑ. ඉතින් මම මොනවා කරන්නද? දෙයියෝ දීපු එක.”