24 C
Colombo
Sunday, January 19, 2025

ලාල්කාන්ත එක්ක රිලව් ගැන කතා කරන්න ඇමරිකාවෙන් ඇවිත්

- Advertisement -

කෘෂිකාර්මික කටයුතු වලදී වගාවට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි ආකාරය පිළිබඳව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇමරිකා තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙහිදී කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සහ දේශීය ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා අවශ්‍ය ඇමරිකානු සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වි තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිය ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ හමුවක් අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

අමාත්‍යවරයා මෙහිදී දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම මෙන්ම වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළා.

එසේම දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට අවශ්‍ය සහාය ලබා දීමට මෙහිදී ඇමරිකා තානාපතිනිය එකඟතාව පළ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES