27.7 C
Colombo
Thursday, April 25, 2024

සුපිරි 16 දෙනාගේ වටයට පිවිසිමේ කැමරූන් බලාපොරොත්තු දැල්වෙයි

- Advertisement -

සර්බියාව සමග පැවති තරගය 3 – 3 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් කැමරූන් ක්‍රීඩකයින් කටාර් ලෝක කුසලාන ගමන්මගේ තවත් ඉදිරියට ගමන් කිරීමේ බලාපොරොත්තු දල්වා ගත්තා.

Jean-Charles Castelletto 29 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් වැඩි වාසි අත්කර ගත් කැමරූන් කණ්ඩායමේ සතුට පළමු අර්ධය තුලම වැනසූ Pavlovic සහ Milinkovic-Savic පළමු අර්ධයේ වාසිය සර්බියාව දෙසට නැඹුරු කර ගත්තා.

Aleksandar Mitrovic තුන්වැනි ගෝලයත් ලබා ගත්තේ සර්බියාවට පහසු ජයක් හිමිවනු ඇති බවට අනාවැකි පල කරමින්.

නමුත් යළි නැගී සිටි කැමරූන් ක්‍රීඩකයින් මිනිත්තු තුනක් තුල ගෝල 2ක් ලබා ගනිමින් තරගය සම තත්ත්වයට රැගෙන ආවා.

මෙම ප්‍රතිඵලය කැමරූන් කණ්ඩායමට 1990 වසරෙන් පසු පළමුවරට ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායම් අදියරෙන් ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව උදා කර දී ඇති නමුත් ඔවුන්ගේ මීළඟ ප්‍රතිවාදියා වන්නේ ප්‍රබල බ්‍රසීලයයි.

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...