29 C
Colombo
Wednesday, June 7, 2023

ජනතාව වෙනුවෙන් වැඩ කරන නායකයෙකුට හූ කියන්න පුළුවන්ද? – රාජිත සේනාරත්න

- Advertisement -

රණසිංහ ප්‍රේමදාස මහතා රටේ දුගී දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඊයේ (05) අනුරාධපුර නැගෙනහිර කොටසේ සමඟි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මෙරට තැලෙන පෑගෙන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක් කිරීම හේතුවෙන් ත්‍රස්තවාදීන් ප්‍රේමදාස මහතා ඝාතනය කළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ.

මහජනතාව වෙනුවෙන් පියා ජීවිත දානය දුන් සජිත් ප්‍රේමදාස මහතා අද වන විට දුගී ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන බව සේනාරත්න මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

රැස්වීමේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි නායකයෙකුට හූ කියන්නේ කෙසේ දැයි තමාට හිතා ගත නොහැකි බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, “රැයක් දවාලක් නැතුව ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා වැඩ කරනවා. එහෙම රට වෙනුවෙන් වැඩ කරන පුද්ගලයාට හූ කියන්න කියලා අනුබල දෙන කට්ටිය රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. ඉතිහාසයේ කවදාවත් නැති විදියට රට පරිහානියට ගිහින් තියෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ ගන්න වගකීම තියෙන්නේ සමඟි ජන බලවේගයට පමණයි”.

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...