32 C
Colombo
Saturday, April 20, 2024

කොවිඩ් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක තත්වයට ගෙන ඒම එන්නත්කරණයේ අරමුණයි

- Advertisement -

එන්නත්කරණයෙන් පසුවත් කොවිඩ් ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශය ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

එන්නත්කරණයේ අරමුණ වන්නේ කොවිඩ් වෛරසයේ බලපෑම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක තත්වයට ගෙන ඒම යැයි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ නිර්මාතෘවරියක් පැවසූ බවයි ඊයේ (24) දින මාධ්‍ය අමතමින් නීලිකා මලවිගේ මහත්මිය පවසා සිටියේ.

කොවිඩ්-19 වෛරසයට අමතරව කොරෝනා වෛරස 3ක් මනුෂ්‍යයන්ට ආසාදනය වන නමුත් වැඩිහිටියන් තුල ඊට අවශ්‍ය ප්‍රතිශක්තිය ඇති නිසා එහි බලපෑම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක තත්වයට පැමිණ ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

එබැවින් කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී අවශ්‍ය ප්‍රතිශක්තිය නිපදවා ගෙන කොවිඩ් වෛරසයේ බලපෑම අවම කරගැනීමට එන්නත්කරණය ඉතා වැදගත් බව ඇය පවසනවා.

RECENT ARTICLES - SINHALA

සහන සේවාවලට ලබාදුන් ට්‍රැක්ටර් බවුසර් 5ක් අතුරුදන්

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි 33ක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇති බව වාර්තා වනවා....

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...