32 C
Colombo
Friday, March 31, 2023

කෙල්ලෝ කොල්ලොන්ට ඕන විදිහට රටක් කරන්න පුළුවන් ද? – සිරිවිමල හිමිගෙන් අරගලයට තවත් පහරක්

- Advertisement -

තරුණ තරුණියන්ට අවශ්‍ය ආකාරයට රටක් පාලනය කිරීමට ඉඩ දිය නොහැකි බව ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති, පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් පවසනවා.

ඒ, පෙරේදා (31) දින පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී‍යි.

අග්‍රාමාත්‍යවරයා –

“නීතිය හා සාමයට රට ගමන්කරවන්න ඕනේ. අපි නීතියෙන් පිට ගමන් කරන්න ඉඩ දුන්නොත් රට අරාජික වෙනවා.”

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි –

“තම තමන්ට ඕන විදිහට තමයි පාලනය කරගන්න හදන්නේ. ආණ්ඩුව කරන්න ඕනෙත් එයාලා කියන දේ. ඔය ඔතන ඉන්න කොල්ලෝ කෙල්ලෝ… එහෙම කරන්න පුළුවන්ද රටක්?”

අග්‍රාමාත්‍යවරයා –

“ඒවා නිවැරදි කරන්න වෙනවා. අවිහිංසාවාදීව ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ඕනේ. අපි සාකච්ඡා කරලා ඕන දෙයක් තියෙනවා නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි –

“දැන් ගෝඨාභය මහත්තයා?”

අග්‍රාමාත්‍යවරයා –

“තාම විදේශගතව ඉන්නේ.”

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි –

“තාම එන්න වෙන්නේ නැහැනේ නේද?”

අග්‍රාමාත්‍යවරයා –

“නැහැ තව ටික දවසක් යයි.”

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි –

“දැන් ඉතින් ඇවිල්ලා මෙහේ ඉන්න පුළුවන්නේ?”

අග්‍රාමාත්‍යවරයා –

“පුළුවන්… පුළුවන්”

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම –

“එතුමා ඉතින් මොකක්වත් වරදක් කෙරුවේ නැහැනේ අපේ හාමුදුරුවනේ.”

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි –

“එයාට දැන් ඉතින් ආරක්ෂාව දෙන්න ඕනේ. අනිත් අයට දීපුවා එයාටත් දෙන්න ඕනේ.”

අග්‍රාමාත්‍යවරයා –

“හිටපු තැන්වලට කරපු දේ දැක්කා නේ. කවදාවත් ඔහොම හැසිරුණේ නැහැනේ මහජනතාව. රටේ වටිනා දේපළනේ ඔක්කොම විනාශ කළේ. ශතවර්ෂ ගණනාවක් ඉපැරණි… ආරක්ෂා කළානේ හැම පාලකයෙක්ම. ඒවා කුඩුපට්ටම් කරලා දාලා… උසාවිය දුන් තීන්දු පවා… ජනාධිපතිතුමා ඒවාට ඉඩදීලා කටයුතු කළානේ ඒ වෙලාවේ. කිසිම කෙනෙක්ගේ ජීවිතයකට හානියක් කළේ නැහැනේ.”

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි –

“එයාට වරමක් තිබුණා. නමුත් එයාට දීපු බලතල එයා කොට්ටේ යට තියාගෙන හිටියා. හරියට ක්‍රියාත්මක වුණානම් මොකවත් නැහැ.”

අග්‍රාමාත්‍යවරයා –

“දැන් අර රූපවාහිනියට ගියපු එක්කෙනත් පැනලා යන්න උත්සාහ කළානේ. පැනලා යන්න ඕන නැහැනේ. අර්බුදයෙන් රට ගොඩගන්න සහාය ඉල්ලනවනෙ ජාත්‍යන්තරවත්. දැන් ඒ සහයෝගයන්, සාකච්ඡාවන් සාර්ථකව කෙරෙනවා. කවුරු මොනවා කිව්වත් පියවරෙන් පියවර ඒවා වඩා හොඳ තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.”


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...