32 C
Colombo
Thursday, March 28, 2024

බටහිර රටවල ආරක්ෂාව පිළිබද බරපතල අනතුරු ඇඟවීමක්

- Advertisement -

එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වී එහි තලේබාන් පාලනය නැවත පැමිණීමෙන් පසුව, බටහිර රාජ්‍යයන්ට යළිත් නැගී එන ත්‍රස්තවාදී තර්ජනයන් සමඟ පොර බැදීමට සිදුව ඇති බව විශ්ලේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.

මැදපෙරදිග භූ දේශපාලනය සහ ඉස්ලාමීය ත්‍රස්තවාදය පිළිබඳව අවධානය යොමු කරන බ්‍රිතාන්‍ය ආරක්ෂක විශ්ලේෂක කයිල් ඕර්ටන් පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානය දැන් දේශපාලන භීෂණයේ අවුල් සහගත දේශයක් බවයි.

මේ හේතුවෙන් එහි මිලියන සංඛ්‍යාත ජනතාව සරණාගතයන් බවට පත්වී ඇති බවත්, සරණාගත රැල්ලක් සහ පැහැදිලි ත්‍රස්තවාදී තර්ජනයක් ඇති ඇෆ්ගනිස්ථානයේ අර්බුදය ඇෆ්ගනිස්ථානයට පමණක් සීමා නොවනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
සැප්තැම්බර් 11 ප්‍රහාරයේ අපරාධකරුවන් නැවත වරක් ඔවුන් එය දියත් කළ රාජ්‍යය පාලනය කරන බවත් ඔවුන්ගේ ප්‍රබලම අභියෝගකරුවා තවත් අන්තර් ජාතික ජිහාඩ්වාදී කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍යයේ කොරාසාන් පළාත හෙවත් අයිඑස්අයිඑස්වීම තත්වය වඩාත් සංකීර්ණ කර ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ අපේක්ෂා කළ හැකි අනාගතය සඳහා බටහිර රටවලින් බරපතල අවධානයක් යොමුවීම අවශ්‍ය වන බව ද ඔහු මෙහිදී අවධාරණය කර ඇත.

තලේබාන් සංවිධානය බලය අත්පත් කර ගැනීමේදී, ඇෆ්ගනිස්ථානයේ සිරගෙවල් කැඩී ගොස් දහස් ගණනක් ජිහාඩ්වාදීන් නිදහස් වී ඇති අතර මෙහි බලපෑම ඇෆ්ගනිස්ථානය තුළ ඉතා ඉක්මනින් දැකගත හැකි වූ බවත් තලේබාන් සංවිධානයට ISKP පාලනය කිරීමට නොහැකි වූ බවත් ඔර්ටන් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ...

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජන ලේඛන...

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...