27 C
Colombo
Wednesday, August 10, 2022

රු. 11,219 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් ද?

- Advertisement -

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අනුව නිල ජාතික දරිද්‍රතා සීමා (Official poverty line by District) ප්‍රකාශයට පත් කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) වශයෙන් 2022 මැයි මාසය සඳහා ගණනය කර ඇති ජාතික අගය රු. 11,219 ක් වේ. ඒ අනුව 4 දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මාසයක් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම වියදම රු. 44,876 ක් ලෙසින් ගණනය කළ හැකිය.

මෙම අගය දිස්ත්‍රික්ක මට්ටමින් වෙනස්වන අතර ඒ අනුව මාසයක් ජීවත් වීම සඳහා වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයෙකුටයි. එම අගය රු. 12,100 කි. මෙහි අවම අගය වාර්තා වන්නේ මොරණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම වටිනාකම රු. 10,727 ක් වේ.

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවම වියදම 2022 මාර්තු මාසයේ දී රු. 9,284 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය අප්‍රේල් මාසයේ දී රු. 10,230 ක් ලෙසින් දක්වා ඇත.

නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුව පෙර මාසයට සාපේක්ෂව 2022 මැයි මාසයේ වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක (NCPI) අගය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොතකා චීන නෞකාව හම්බන්තොටට..! – NDTV

යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව හෙට (11) හම්බන්තොට...

අරගලකරුවන් රනිල්ගේ කාර් එකට මිලියන 191 ක අලාභයක් කරලා..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...