26 C
Colombo
Friday, December 8, 2023

නාසි සෙබළෙක් නිසා කැනඩාවේ කතා නායක ඉල්ලා අස්වෙයි

- Advertisement -

නාසි හමුදා සෙබළෙකු රුසියාවට එරෙහි ව සටන් වැදි යුද විරුවකු ලෙස හඳුන්වා දුන් කැනඩා කථානායක ඇන්තනී රොටා පසුගිය අඟහරුවාදා (26) ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 22 වන දින කැනඩාවට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී, රුසියන් ආක්‍රමණය හමුවේ, කැනඩාව යුක්රේනයට සහාය ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් කැනඩාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කර තිබුණා.

එම අවස්ථාවේදී දෙවැනි ලෝක යුද්ධයේ දී රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පෙන්වා දෙමින්, 98 හැවිරිදි යර්ලොස්ලේව් හුන්කා නමැති අයෙක් කැනඩාවේ  නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතා නායක ඇන්තනි රෝටා විසින් පාර්ලිමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

එහිදී යුක්රේන රණ විරුවකු යැයි පවසමින් එම පුද්ගලයා වෙනුවෙන් ගුණ කථනයක් ද සිදුවුණු අතර, කතා නායකවරයා, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ඇතුළු සෙසු මැති ඇමැතිවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ සිටි යුක්රේන ජනාධිපතිවරයාද අසුන්වලින් නැගිට ඔහුට ගෞරව දක්වා තිබුණා.

කෙසේ නමුත්, එම සිද්ධියෙන් දින කීපයක් ගත වීමෙන් අනතුරුව  යර්ලොස්ලේව් හුන්කා නමැති එම පුද්ගලයා ස්වේච්ඡාවෙන් හිට්ලර්ගේ නාසි හමුදාවට  සම්බන්ධ වී සිටි වාර්ගින යුක්රේන වැසියකු බව අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන්ද සමාව ඉල්ලා තිබෙනවා.

අගමැති ටෘෘඩෝ පවසා ඇත්තේ, නාසි සෙබළෙකුට එලෙස ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවට සහ කැනඩා රජයට සිදු වුණු ලැජ්ජා සහගත සිදුවීමක් බවයි.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...