ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (29) යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
දැනට ක්‍රියාත්මක බදු සංශෝධනය සම්බන්ධයෙන් මාස 6ක කාලයක් බලා සිටීමට නොහැකි බැවින් කඩිනමින් අන්තර්කාලීන විසඳුමක් අපේක්ෂා කරන බවයි එහි සම කැඳවුම්කරු මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ.
මේ පිළිබඳව ලිඛිතව ජනාධිපතිවරයාද දැනුවත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.