ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවි තිබෙනවා.
ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) සහ ගුවන්යානා උපකරණ වලට විශේෂිත වූ කරුණු හා සම්බන්ධිත ජංගම උපකරණ වල ජාත්‍යන්තර අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන හඳුන්වා දීම පිණිස 2023-01-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙන බව සඳහන්.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබුණා.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව පැවසෙනවා.