නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්දයෙන් සාකච්ජා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (03) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමට පැමිණියා.
එම හමුව පැවැත්වුණේ කොළඹ අගරදගුරු නිල නිවසේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් වහන්සේ දැනුවත් කළ අතර එහිදී අගරදගුරු හිමියන්ද සිය අදහස් දක්වා සිටියා.
එහිදී උන්වහන්සේ පැවසුවේ එක් කණ්ඩායමක් පමණක් ඉලක්ක කරගනිමින් පිහිටුවන විශ්ව විද්‍යාල සම්බන්දයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ක්‍රියාත්මක වන විමර්ශන පිළිබදවද සෑහිමකට පත්විය නොහැකි බවයි.
ආරක්ෂක අංශවලින් උන්වහන්සේ ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්දයෙන් නිද්‍රාශීලීව කටයුතු නොකරන ලෙසයි.
දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඩීල් දමා ගැනීමක් පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන්ද ක්‍රියාත්මක නොකරන ලෙසද ජනාධිපතිවරයා රජයෙන් ඉල්ලීමක් කළා.
මේ පිළිබදව ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදී තිබුණද එය ඉටු නොකරන්නේ නම් වෙනත් කණ්ඩායමකට මේ සම්බන්ධ වගකීම පවරන්නට සිදුවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමිපානන් පවසා සිටියා.
මීට අදාල දර්ශන පහතින්,
- පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්
- විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා
- Breaking: Dimuth to step down from captaincy
- “We are no longer a bankrupt nation”: President
- වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න