32 C
Colombo
Friday, March 29, 2024

කාදිනල්තුමා පොලිස්පති වෙන්න හදනවා..!

- Advertisement -

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හැසිරීම නිල නොලත් පොලිස්පතිවරයෙකුගේ හැසිරීමට සමානව තමන්ට පෙනෙන බව ‘එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ’ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා

ඒ, අත්බෝම්බ සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේදී බදිල්ලේදී තමන්වහන්සේගේ අදහස් දක්වමින්.

තත්වය එසේ නම් පොලිස්පතිකම කාදිනල්තුමන්ට භාරදිය යුතු බවයි උන්වහන්සේ පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන.

“කාදිනල්තුමාගේ ඇතැම් හැසිරිම් මට පෙනෙන්නේ නිල නොවන පොලිස්පති වගේ. මේ රටේ ඉන්වෙස්ටිගේෂන් සිද්ධ වෙන විදියක් තියෙනවානේ. ඉතින් මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. කාදිනල්තුමා ඒ තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න ඕන, පෙනී ඉන්න ඕන . ඒක කිසිම ප්‍රශ්නයක් නෑ.

මම දැක්කා ඊයේ මාධ්‍යවල පොලිස්පතිවරයා ඒ පැහැදිලි කිරීම කළා.ඒ පොලිසිය භාර ඇමැතිවරයා ඒ පැහැදිලි කිරිම් කළා .ඉතින් මම දැක්කා අද එතුමා නැවත ප්‍රති උත්තර දිලා තියෙනවා මේවා නිකන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න හොඳ කතා කියලා .ඉතින් මම දන්නේ නෑ. එතකොට කාටද එහෙනම් අපි පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට .මං හිතන්නේ ඒක තමයි ජනාධිපතිතුමා කළ යුත්තේ.”

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...