29.7 C
Colombo
Thursday, April 25, 2024

ජෛව බුබුළ පීඩාකාරියි කියා කැරබියන් දැවැන්තයා මෙවර IPL දෙවන අදියරට සමුදෙයි

- Advertisement -

කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ බව නිළවශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර ජෛව බුබුලෙහි විඩාකාරී බව හේතුවෙන් ගේල් මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය.

කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලට එක් වූ ක්‍රිස් ගේල් සදහන් කොට ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට පෙර මානසික වශයෙන් ප්‍රබෝධයක් ලබාගැනීමට මෙම තීරණය ගත් බවයි.

” එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට උදව් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මට අවශ්‍යයි. ඒ හේතුවෙන් විවේකයක් ගැනීමට මම කැමතී. මට විවේකයක් ලබාදීම සම්බන්ධයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. ඉදිරි තරග වෙනුවෙන් මම කණ්ඩායමට සුභපතනවා.”

මෙම වසරේදී ක්‍රිස් ගේල් විස්සයි විස්ස පිටියේ තරග 37කට ක්‍රීඩා කොට ඇති අතර ඔහුට වඩා වැඩියෙන් ක්‍රීඩා කොට ඇත්තේ ක්‍රීඩකයන් 6ක් පමණි. 42 හැවිරිදි ක්‍රිස් ගේල් IPL තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පංජාබ් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු අනිල් කුම්බ්ලේ අදහස් දක්වා ඇත.

” මම ගේල්ට එරෙහිව ක්‍රීඩා කරල තියෙනවා. ඒවගේම පංජාබ් පිළේ පුහුණුකරු වශයෙනුත් මම ඔහුව වසර කිහිපයක් තිස්සේ දන්නවා. අපි කණ්ඩායමක් වශයෙන් ඔහුගේ තීරණයට ගරු කරනවා.”


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...