29.7 C
Colombo
Thursday, April 25, 2024

කැරොලයින් සහ චූලා අලුත්කඩේ අධිකරණයට

- Advertisement -

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව, කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කරන බව කුරුඳුවත්ත පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බනධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා.

ඒ, පසුගිය 6 වැනිදා යි.

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10.30ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

කුරුඳුවත්ත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව, සාපරාධී බලහත්කාරකම් සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සහ සුපිරි නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට ගෙන තිබුනා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...