31 C
Colombo
Wednesday, March 19, 2025

වලානෙන් සොයාගත් එකම අංකයෙන් ධාවනය වූ මෝටර් රථ

- Advertisement -

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 2ක්ද ඊයේ (12) සිය භාරයට ගෙන තිබෙනවා.

එකම අංකයෙන් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ 02ක් දෙහිවල, කැලණිය හා දළුගම යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථ හමු වී තිබෙනවා.

අදාළ තොරතුර ඔස්සේ ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ පොලිස් බුද්ධි නිලධාරින් විසින් සකස් කරන ලද සූක්ෂම සැලසුමකට අනුව මෙම මෝටර් රථ සොයගැනීමට හැකිව තිබුණා.

මින් එක් මෝටර් රථයක් දෙහිවල මුහුදු මාවත දුම්රිය ස්ථානය අසලදීද, අනෙක් රථය දළුගම මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේදීද සිය භාරයට ගෙන තිබෙනවා.

මේ වනවිට එම රථ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මෝටර් රථ දෙකෙන් ව්‍යාජ රථය කුමක්ද යන්න පරික්‍ෂා කිරීම සඳහා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, රජයේ රස පරීක්‍ෂකවරයා මගින් පරික්‍ෂා කරගැනීම සඳහා නියෝග ලබාගැනීමට නියමිතව තිබුණා.

මේ අතර නීති වීරෝධීව මෙරටට ආනයනය කළ ජීප් රථයක්ද ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එම රථය ද ඊයේ (12) සිය භාරයට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES