පසුගියදා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වෙළදසැලක කළ වැටලීමකදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර 18 ලෙස සඳහන් කළ ගෑස් සිලින්ඩර අලෙවි කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
පාරිභෝගිකයින් නොමඟ යැවීම, විකිණීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට මෙන්ම, ඒවා අලෙවි කළ වෙළදසැල් හිමියාට ද නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
රුපියල් 1493 කට අලෙවි කළ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙනුවට ලිට්රෝ ගෑස් සමාගම රුපියල් 98ක මුදලක් අඩු කර එනම් රුපියල් 1395ක මිලකට ලීටර 18 ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දී තිබුණා.
පාරිභෝගිකයන් චෝදනා කළේ මෙම ගෑස් සිලින්ඩරය නියමිත බරින් නොමැති බවටයි.