29 C
Colombo
Wednesday, July 17, 2024

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගේ කතාවකට ජාජබ නීතිඥයින්ගෙන් නඩුවක්?

- Advertisement -

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට පුවතක් මව්බිම වාර්තා කරනවා.

ඔවුන් අවධාරණය කර අත්තේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් නොවෙන කාරණාවක් ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කර ඇති බවයි.

එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී “කාන්තා අයිතිවාසිකම් ගැටගසා දැම්මා” වැනි කතාවක් ඔහු ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවැරීමටත් සූදානම් බවත් අදාල නීතීඥයින් පෙන්වා දෙනවා.

එම සංවිධානයේ නීතිඥ සුනිල් වටගල මහතා පවසා ඇත්තේ, විධායකයට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රකාශ ඉන් පිටතදී සිදුකළ නොහැකි අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතට පටහැනි බවයි.  

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥ සුනිල් වටගල මහතා,

“රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්ද කඩන්න හැදුවා. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ තීන්දුව ලබාදුන් ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා ම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට අතුරු නියෝගයක් ලබා දුන්නා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එම අතුරු නියෝගය ලබා දුන් විනිසුරුවරු තිදෙනා ම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් හමුවට ගෙන ආ යුතු බවට තමන්ගේ ගෝලයෙකු ලෙස සිටින ප්‍රේමනාත් සී. ‍දොලවත්ත යොදවා ප්‍රකාශයක් කළා.”

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ප්‍රකාශ කරමින් ජනතාව ඉදිරියේ අධිකරණයට තිබෙන විශ්වාසය බිඳ දැමීමට ඔහු උත්සාහ කරමින් සිටිනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ කතාවට සම්පූර්ණයෙන්ම පටහැනි කතාවක් විවෘත තැනකදී කියනවා. “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තිීන්දුව නිසා මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ. ඒ තීන්දුව මේ රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවටත් පටහැනි ලෙස සලකළා. අපේ අරමුණ කාන්තාවටත් පිරිමි අයට හා සමාන අයිතිවාසිකම් සඳහා අවස්ථාවක් ලබාදීමයි. ජාත්‍යන්තර කාන්තා සංවිධාන සියල්ලම ඒ අරමුණෙන් ගෙනත් තිබෙනවා. මගේ මතය අනුව ඒ ගිවිසුම්වලට බාධා කරන්න පාර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් විධායකයටවත් බැහැ. අපි කැපවෙලා ඉන්නේ ඒ අරමුණ ඉෂ්ට කරන්න. ඒ නිසා බයක් තියාගන්නේ නැතිව කටයුතු කරන්න මම පාර්ලිමේන්තුවේ සියලුදෙනාටත් කීවා.” ඔහු මේ කියන දේ හරි පැහැදිලියි. පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් පිටතදී තනිකරම විකෘති අදහසක් කියනවා. එළියට ඇවිත් මේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී කාන්තා අයිතිවාසිකම් ගැට ගසා දැම්මා වගේ කතාවක්. කාන්තා අයිතිවාසිකම් ගැන තීන්දුවේ සඳහන් නොවෙන දෙයක් එළියට ඇවිත් කියනවා. මේ කතාව සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න සිදුවෙනවා. විධායකයට ඕන ඕන ආකාරයට පාර්ලිමේන්තුව තුළ කියන කතා එළියට ඇවිත් කියන්න බැහැ.”

RECENT ARTICLES - SINHALA

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා...

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...